Sunday, October 17, 2010
ඇම්බැක්කේ දේවාලය
මෙම දේවාලය මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර ප්‍රදේශයේ පිහිටා ඇත.කොළඹ නුවර පාරේ පිළිමතලාව ආයතනයේ වෙලම්බඩ පාරේ සැතපුම් 4ක් පමණ ගොස් කුඹුරක් ඔස්සේ ගමන් කොට ඇම්බැක්කේ දේවාලයට යා හැකිය. අලකොලංගේ සිට ගංහත පාරේ ගම්පොළට කිට්ටුව පිහිටා ඇත. පේරාදෙණියේ සිට සැතපුම් 3ක් පමණ ඈතින් දිව්ලාගල ලමේ පිහිටා ඇත. ලංකාතිලක විහාරය මෙම දේවාලයට සැතපුමක් පමණ ඈතින් පිහිටා ඇත. ඇම්බැක්කේ දේවාලය කොටස් 3කින් යුක්තය. එම කොටස් නම් දේවාලය, දිග්ගේ, හේවිසි මණ්ඩපය යන කොටස්ය. ඇම්බැක්කේ දේවාලය කතරගම දෙවියන් උදෙසා පුදකළ ස්ථානයති. මෙම දේවාලය ගම්පොළ රජකළ තුන්වන වික්‍රමබාහු (ක්‍රි.ව. 1357-1374) රජතුමා විසින් ඉදි කරවූ බව විශ්වාස කරනු ලැබේ. කලාශිල්පීන්ගේ ගෞරවාදරයට මෙම දේවාලය පත්වී ඇත්තේ හේවිසි මණ්ඩපයේ ඇති ලී කැටයම් නිසාය
Subscribe to:
Posts (Atom)
