සීගිරිය මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල නගරයට සැතපුම් 13ක් පමණ දුරින් පිහිටා ඇත.සීගිරිය ශේෂ කන්දකි. උස අඩි 600ක් පමණ වේ. කන්දේ පිහිටි ගල අඩි 400ක් පමණ උස ය සීගිරි කදු ගැටය අවට පෙදෙසද සීගිරිය නමින් හැදින්වේ. සීගිරිය අනුරාධපුර යුගයේ වසර 18ක් පමණ අගනුවරක් ව පැවතිණි. සීගිරි ගල මුදුනේ රජ මාළිගය පිහිටා තිබුණි. කදු ගැටය වටේ ව්ව්ධ රාජකීය ගොඩනැගිලි හා උයන් පිහිටා තිබී ඇත. මනාව සැලසුම් කළ නගරයකි සීගිරි නගර ය.
සමනලකන්ද හා මිහින්තලේ කන්ද හැරැණු විට මෙරට ප්‍රසිද්ධම කන්ද වන්නේ සීගිරිය ය. සීගිරිය අනුරාධපුරයට සැතපුම් 30ක් පමණ ඈතින් පිහිටා ඇත. සීගිරිය පිළිබද බොහෝ තොරතුරැ අපට ලබාගත හැකි වූයේ සෙනරත් පරණවිතාන මහතා පුරාවිද්‍යා කොමසාරිස් ධූරයට පත්වූ පසුව ය. කාශ්‍යප රජතුමාගෙන් පසුව සීගිරිය සංඝාරාමයක් බවට පත්වී ඇත. පසු කලක අභාවයට ගොස් තිබී 1895දී එච්. සී. පී. බෙල් මහතා විසින් සොයා ගන්නා ලදි.සීගිරියේ බලකොටුවක ලක්ෂණ අඩුය. සීගිරිය කුවේරයාගේ ආලකමන්දාව අනුකරණය කරමින් තනා ඇතැයිද මෙයින් රාජ්‍යත්වය දේවත්වයට පත් කිරීමට කාශ්‍යප රජතුමා උත්සාහ දරා ඇතැයිද පරණවිතාන මහතා පවසා ඇත.
සීගිරිය ගිරි දුර්ගයකි. එය ද අති දුෂ්නර මාර්ගයකි. ඒ අනුව නම් මේ පවුර ආරක්ෂිත ස්ථානයකි. කෙළින් පිහිටි පර්වකය මුදුනට නැගීමට පර්වතය වටේ බදින ලද පඩිපෙළ හා ගල් ආසන පුදුම එළවනසුලුය. එම පැරණි පඩිපෙළේ කොටසක් දැනුදු දැකිය හැකිය. කැඩීගිය පඩිපෙළ වෙනුවට ඉංගීසි පාලකයෝ විසින් යකඩ පඩිපෙළක් සවිකරන ලදි .අපේ ප්‍රෞඩ ඉතිහාසයේ පළමු බලකොටු අගනුවර වූයේ සීගිරිය ය. එවකට පුරාවිද්‍යා කොමසාරිස් වූ එච්. සී. පී. බෙල් මහතා 1894 අප්‍රේල් 15-16 දිනවල සීගිරිය වනගතව තිබී සොයාගෙන ඇත. එයට පෙර 1830 ගණන් වලදී ජොනතන් පෝබ්ස් සීගිරියට ගොස් තරමක විස්තර සපයාගෙන ඇත.සීගිරිය සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතියේ වැඩ ඇරභුණේ 1982 ජනවාරි මාසයේ සිටය. සංස්කෘතික ත්‍රිකෝණයේ වැඩබිම් පහකි. ඒවා අනුරාධපුරය, පොළොන්නරුව, සීගිරිය, දඹුල්ල හා මහනුවරත් ය.සීගිරිය බෞද්ධ විහාරස්ථාන, මාපාගලකොටුව, මිනිස් අතින් නිම වූ මහා වැවත්, ජලමාර්ග පද්ධතියක් හා අපනගර ජනාවාස වලින් මේ නගරය වට වී ඇත. සීගිරිය අසල රාමකැලේ හා විදුරංගල විහාරාරාම දෙක පිහිටා ඇත. සීගිරියේ කෞතුකාගාරයක් ද පිහිටුවා ඇත. සීගිරිය ආසන්නයෙන් සීගිරි ඔය හෙවත් යාං ඔය ගලා බසී.
පළමුවන කාශ්‍යප රජතුමා
පළමුවන කාශ්‍යප රජතුමා
අනුරාධපුර යුගයේ රජකළ හැත්තෑවන රජතුමා මෙතුමාය. විප්ලවකාරී රජ කෙනෙකු වූ මෙතුමා 477 සිට 495 දක්වා වසර 18ක් රජකම දරා සිට ඇත.කාශ්‍යප රජතුමා ධාතුසේන රජතුමාගේ පුතාය.මුගලන් රජතුමාගේ සොහොයුරයාය. පළමුවන කාශ්‍යප රජතුමා ,ධාතුසේන රජතුමාගේ අනියම් බිසවකගේ පුතෙකි. ඔහුගෙන් පසු රජකම අගබිසවගේ පුත් මුගලන් කුමරුට හිමිකර දෙතියි කාශ්‍යප සැක සිතුවේය. කාශ්‍යප කුමරු ,ධාතුසේන රජතුමා මරා රජකම හිමි කරගෙන ඇත. මුගලන් කුමරු පණ බේරාගෙන ඉන්දියාවට පැනගොස් ඇත. කාශ්‍යප රජතුමා අනුරාධපුර අතහැර සීගිරිය තම අගනුවර කර ගෙන එහි සිට පාලන කරගෙන ඇත. වසර 18ක් ගිය පසු මුගලන් කුමරා විදේශ සේනාවක් ද රැගෙන පැමිණ කාශ්‍යප රජු පරදා රජකම හිමිකරගෙන ඇත. සතුරා අතින් මිය යාමට අකමැති වූ කාශ්‍යප රජතුමා සියතින්ම තම හිස සිදගෙන මියගොස් ඇත.
සීගිරියේ පිහිටීම
සීගිරියේ පිහිටීම
සීගිරි කදු ගැටය බෑවුමක් ඇති ශේෂ කන්දකි.සීගිරි කන්ද වටා බැම්මක් බැද ඇත.එම බැම්මෙන් ඇතුළත ඇතුළු නුවර පිහිටා ඇත.පිටත පිහිටියේ සීගිරි මහා නගරය ය.සීගිරි පර්වතය වටා බැම්මෙන් ඇතුලත මඩ අගලක්ද දිය අගලක්ද පිහිටා ඇත.මේවා සීගිරි පර්වතයේ ආරක්ෂාවට තනන ලද ඒවාය.පිටත පිහිටි මහා නගරය ඉතාම පිළිවෙලට තනවන ලද්දකි.එහි විවිධ උද්‍යානයන් පිහිටා ඇත. මෙම පර්වතයට සීගිරිය යන නම ලැබී ඇත්තේ මෙසේය.සීගිරි කදු මුදුනට නැගීමට පියගැට පෙළක් ඇත.එම පඩිපෙල පාමුළ දෙඅත් ඉදිරියට විදහාගෙන වැතිර සිටිනා සිංහ රූපයක් ඇත.සීගිරිය යන නම මෙම සිංහ රූපය නිසා ඇති වී යැයි විශ්වාස කෙරේ.සීගිරි නගරය දිගින් කිලෝමීටර් තුනක්ද පළලින් කිලෝමීටර් එකක් ද තරම් විශාලය.
සීගිරි රජ මාළිගය
සීගිරි කාශ්‍යප රජතුමාගේ රජ මාළිගය සීගිරි ගල මුදුනේ පිහිටා තිබී ඇත.එය අක්කර දෙකක භූමි භාගයක පුරා පැතිරී ඇත. පර්වතය මුදුනේ පැරණි රජ මාළිගයේ අත්තිවාරම මතුකරගෙන ඇත. එහි ජල තටාක,බීමට ජලය සපයන පොකුණු,ඒවාට ජලය සපයන ජලනල ද ඇත.ගල වටේ සභා ශාලා ද ගල් ආසන ද අධිකරන ශාලා ද ආරාම ශාලා ද මුරකාවල් කරන ස්ථානද පිහිටා ඇත.
සීගිරි කැටපත් පවුර
කැටපත් පවුර යනු කණ්ණාඩියක් තරම් ඔප මට්ටම් නර ඇති ගල් බිත්තියකි.මෙය පිහිටා ඇත්තේ පර්වතය මුදුනට නගින මූලික දොරටු දෙකේ දෙපසය.මෙහි බැමි එතරම්ම ඔප මට්ටම්ය.බිතුසිතුවම් ගුහාද මෙම පවුරු පෙදෙසට අයත් වේ. ශත වර්ෂ ගණනාවක්ම අවුවැසි සුළං ආදියට හසු වුවද එහි ඔප මට්ටමට මේ තාක් හානියක් සිදුවී නොමැත.සීගිරිය නැරඹීමට පැමිණි රජ තුමාරවරුන් ,කුමරියන්,ඇමතිවරුන්,ලේඛකයන්,පැවිද්දන් හා සාමාන්‍ය ජනතාවද විසින් සිතුවම් හා අවට පරිසරය බලා විවිධ ගීත ලියා ඇත.මේ කැටපත් පවුරට අමතරව කැට තලයක්ද තිබී ඇත.
සීගිරියේ ඇද ඇති සිතුවම් අද දක්වාම ඉතිරිව ඇත. එහි අදින ලද සිතුවම් 300කින් පමණ අද අක්නට ඇත්තේ 21ක් පමණය. මේ සිතුවම් බොහෝ ඒවා කාන්තා සිතුවම් ය. සීගිරියේ ඇති සිතුවම් ඉන්දියාවේ අජන්තා සිතුවම් තරම්ම වටිනාකමින් ඉහළය. සීගිරි සිතුවම් ඉන්දියාවේ ගුප්ත සිතුවම් අනුගමනය කරමින් ඇද ඇත. එම සිතුවම් ඇද ඇති වර්ණයන් ද එසේ ම නොනැසී පවතී. පුරාණ කාලයේ මෙරට උසස් සිතුවම් ශිල්පීන් සිටි බවට සීගිරි සිතුවම් උදාහරණයකි.සීගිරි සිතුවම් වලට පළමු මෙරට අදින ලද සිතුවම් පිළීබදව සාධක මේ තාක් හමු වී නොමැත.මේ සිතුවම් 5වන සියවසට අයත් යැයි උගතුන්ගේ පිළිගැනීම වේ.සීගිරි සිතුවම්වල අජන්තා සිතුවම් තරම්ම සියුම් බවක් දක්නට නොමැත. මෙම සීගිරි ලදුන්ගේ සිතුවම් රතු හා කළු වශයෙන් දෙවර්ගයකි. රතු ලදුන්ගේ සිතුවම් වලින් විදුලි එළියද කළු ලදුන්ගේ සිගුවම් වලින් වැහි වලාකුළු ද සංකේතවත් වෙතැයි පැවසේ. එසේ මෙම ලදුන් මල් ගෙන විදුරංගල විහාරයට යන කතුන්ගේ රූප ලෙස ද සැලකේ. මෙම සිතුවම් වලින් ලෞකික අදහස් ම පැවසෙන බව විශ්වාස කෙරේ.
සිතුවම් ඇදීම සදහා ගල් තලය මැටි,කිරිමැටි,දහයියා හා කොහුබත් යොදා මිශ්‍රනයක් සාදා ගෙන ආලේපකර ඒ මත සුදු හුණු පිරිමැද රතු පැහැයෙන් ආකෘකි ඇද ඉන් පසු කහ,රතු,කොළ වර්ණ වලින් චිත්‍ර ඇද ඇත.සීගිරි චිත්‍ර අභාවයට යා නොදී රැකගැනීම සදහා ඉතාලි ජාතික ලුසියානෝ මරන්සි නම් චිත්‍ර ශිල්පියා ගෙන්වා ඒවා අලුත් වැඩියා කරවන ලදි. සීගිරිය පුරාම චිත්‍ර තිබෙන්නට ඇත. ඒවා පසු කාලයේදී විනාශ වන්නට ඇත. සීගිරි චිත්‍ර ශිල්පියා ස්වාභාවිකත්වය මැනවින් ආරක්ෂාකරගෙන ඇති බව පැවසේ. මෙම සිතුවම් චමත්කාරය, සජීවීය. සීගිරි බිතුසිතුවම් සැලසුම් කොට ඇත්තේ කේවල රූප සහ යුගල රූප වශයෙනි. යුගල රූප වලින් වංශවත් ස්ත්‍රීන් ද පරිවාරකාවන් ද නිරුපණය කර ඇත. ඔවුන්ගේ ශරීර ප්‍රමාණයේ උඩුකය රූප සේ මේවා ඇද ඇත. චිත්‍ර ඇදීමට ගාන ලද සායමෙන් වුවත් මස් පිඩුද ප්‍රකෘති ස්වභාවයෙන් ම දක්වා ඇත. මුහුණූ දැක්වීමේදී ප්‍රීතිය ,ශෝකය,කරැණාව ආදී සෑම හැගීමක් ම මුහුණ තුලින් පෙන්වා ඇත. මහන්සියකින් තොරව චාම් ලෙස මේ චිත්‍ර ඇද ඇත. එහෙත් එහි නිසි ගැලපීමක් ඇත. මල් පොකුරු තාත්විකව දක්වා ඇත. සීගිරි චිත්‍ර ජීවමානත්වයෙන් යුක්තය. සීගිරි චිත්‍ර සියල්ලම කාන්තා රප ය.
සීගිරි චිත්‍ර වල දැක්වෙන රූප නිරූපණය කරන පිලිස්සූ මැටි රූප හා ශෛල උද්‍යාන පෙදෙසෙහි තිබී අලුත් සිතුවම් ද ලැබී ඇත. මේ මැටි රූප කැටපත් පවුරේ ගී ලියූ ආගන්තුනයින් විසින් ගෙනයාම සදහා සකසන ලද සිහිවටන විය හැකිය.

සීගිරි කුරුටු ගී
ඉහත සදහන් කරන ලද සීගිරි කැටපත් පවුරේ එය නැරඹීමට පැමිණි විවිධ අය විසින් සීගිරි ගී ලියා ඇත.එම ගීත 7,8,9,10, වන ශත වර්ෂ වල දී ලියා ඇතැයි සැලකේ. එහි ලියා තිබූ ගීත වලින් 685ක් පරණවිතාන මහතා විසින් මේ වනවිට කියවා අවසන් කර ඇත. 1956 වසරේදී සීගිරියෙන් උපුටාගත් පද්‍ය 700 පමණ පෙළ හා පරිවර්තනයන් අඩංගු කොට කාව්‍ය සංගහයත් ඉදිරිපත්කරන ලදි.මේවා ලියා ඇත්තේ ඒවායේ ඇද ඇති සිතුවම් හා අවට පරිසරය දෙස බලාය.මෙම ගීතිකා වලින් එකල සමාජය පිළිබද විස්තර අවබෝධකරගත හැකිය. සීගිරි බිතු සිතුවම් අවබෝධකරගැනීමට ද මෙම ගීත උපකාරී වේ.
සීගිරි සිතුවම්
“ලැදි මන බන්ධනා
පැහැබර් සිනා රුස්නා
කතක්හි තොස්නා
මිණී අකුසු හිස්හි ලය ගන්නා“
සීගිරි පද්‍ය , අපට උසස් පද්‍ය සාහිත්‍යයක් තිබුණු බවට ලොවට කියා පෑමට ඇති හොදම සාධකයකි.සීගිරි ගී සමහරක අර්ථය ඉතා සරලය.සමහරත් සංකීර්ණය.තව සමහරක් ගැඹුරුය.සීගිරි ගී ජනකවි තරමටම සරලය. අල්ප ලෙස ගැඹුරු ඒවාද ඇත. සීගිරි ගී අතර නිසදැස් ආකාරයේ පද්‍ය ද දැකිය හැකිය.භාෂාව අතින් ගත්කළ සීගිරි ගී ලියවී ඇත්තේ සිංහල භාෂාවේ එක්තරා පරිවර්තන අවධියකදී ය. සීගිරි කවීන් සමාජ තත්වය අතින් විවිධ වේ.එසේම උගත්කම ,රසඥතාව , ආකල්ප, භාෂාඥානය අතින් ද විවිධ වේ.සීගිරි සිතුවම්
සීගිරියේ ඇද ඇති සිතුවම් අද දක්වාම ඉතිරිව ඇත. එහි අදින ලද සිතුවම් 300කින් පමණ අද අක්නට ඇත්තේ 21ක් පමණය. මේ සිතුවම් බොහෝ ඒවා කාන්තා සිතුවම් ය. සීගිරියේ ඇති සිතුවම් ඉන්දියාවේ අජන්තා සිතුවම් තරම්ම වටිනාකමින් ඉහළය. සීගිරි සිතුවම් ඉන්දියාවේ ගුප්ත සිතුවම් අනුගමනය කරමින් ඇද ඇත. එම සිතුවම් ඇද ඇති වර්ණයන් ද එසේ ම නොනැසී පවතී. පුරාණ කාලයේ මෙරට උසස් සිතුවම් ශිල්පීන් සිටි බවට සීගිරි සිතුවම් උදාහරණයකි.සීගිරි සිතුවම් වලට පළමු මෙරට අදින ලද සිතුවම් පිළීබදව සාධක මේ තාක් හමු වී නොමැත.මේ සිතුවම් 5වන සියවසට අයත් යැයි උගතුන්ගේ පිළිගැනීම වේ.සීගිරි සිතුවම්වල අජන්තා සිතුවම් තරම්ම සියුම් බවක් දක්නට නොමැත. මෙම සීගිරි ලදුන්ගේ සිතුවම් රතු හා කළු වශයෙන් දෙවර්ගයකි. රතු ලදුන්ගේ සිතුවම් වලින් විදුලි එළියද කළු ලදුන්ගේ සිගුවම් වලින් වැහි වලාකුළු ද සංකේතවත් වෙතැයි පැවසේ. එසේ මෙම ලදුන් මල් ගෙන විදුරංගල විහාරයට යන කතුන්ගේ රූප ලෙස ද සැලකේ. මෙම සිතුවම් වලින් ලෞකික අදහස් ම පැවසෙන බව විශ්වාස කෙරේ.
සිතුවම් ඇදීම සදහා ගල් තලය මැටි,කිරිමැටි,දහයියා හා කොහුබත් යොදා මිශ්‍රනයක් සාදා ගෙන ආලේපකර ඒ මත සුදු හුණු පිරිමැද රතු පැහැයෙන් ආකෘකි ඇද ඉන් පසු කහ,රතු,කොළ වර්ණ වලින් චිත්‍ර ඇද ඇත.සීගිරි චිත්‍ර අභාවයට යා නොදී රැකගැනීම සදහා ඉතාලි ජාතික ලුසියානෝ මරන්සි නම් චිත්‍ර ශිල්පියා ගෙන්වා ඒවා අලුත් වැඩියා කරවන ලදි. සීගිරිය පුරාම චිත්‍ර තිබෙන්නට ඇත. ඒවා පසු කාලයේදී විනාශ වන්නට ඇත. සීගිරි චිත්‍ර ශිල්පියා ස්වාභාවිකත්වය මැනවින් ආරක්ෂාකරගෙන ඇති බව පැවසේ. මෙම සිතුවම් චමත්කාරය, සජීවීය. සීගිරි බිතුසිතුවම් සැලසුම් කොට ඇත්තේ කේවල රූප සහ යුගල රූප වශයෙනි. යුගල රූප වලින් වංශවත් ස්ත්‍රීන් ද පරිවාරකාවන් ද නිරුපණය කර ඇත. ඔවුන්ගේ ශරීර ප්‍රමාණයේ උඩුකය රූප සේ මේවා ඇද ඇත. චිත්‍ර ඇදීමට ගාන ලද සායමෙන් වුවත් මස් පිඩුද ප්‍රකෘති ස්වභාවයෙන් ම දක්වා ඇත. මුහුණූ දැක්වීමේදී ප්‍රීතිය ,ශෝකය,කරැණාව ආදී සෑම හැගීමක් ම මුහුණ තුලින් පෙන්වා ඇත. මහන්සියකින් තොරව චාම් ලෙස මේ චිත්‍ර ඇද ඇත. එහෙත් එහි නිසි ගැලපීමක් ඇත. මල් පොකුරු තාත්විකව දක්වා ඇත. සීගිරි චිත්‍ර ජීවමානත්වයෙන් යුක්තය. සීගිරි චිත්‍ර සියල්ලම කාන්තා රප ය.
වර්ණ සංයෝගය පිළීබදව ද මනා අවබෝධයක් සීගිරි සිත්තරුන්ට තිබී ඇත. රන්වන් පැහැයෙන් වංශවත් ස්ත්‍රීන් ද,පරිවාර ස්ත්‍රීන් සදහා කොළ පැහැයක් ද යොදාගෙන ඇත. වංශවත් කතුන්ගේ අත්වල මල් පොකුරකි. සෙසු පරිවාර ස්ත්‍රීන්ගේ අත්වල මල් බදුනකි.
සීගිරි උද්‍යාන
සීගිරි පර්වතය වටේටම විවිධ උද්‍යාන පිහිටා ඇත. සීගිරි උද්‍යාන ලෝකයේ අගනා ම උද්‍යාන ලෙස සැලකේ. මැනවින් ඇරක්ෂා වී ඇති උද්‍යානය ද සීගිරි උද්‍යානය ය. සීගිරි උද්‍යාන අතර අඹ උයන්,මල් උයන්, ජල උයන්,ගල් උයන් ආදිය ඉතා සියුම් සැලැස්මකට අනුව තනා තිබී ඇත. ජල උද්‍යාන වලට පසුව ඇති ජලමල් උයනේ වතුර මල් වර්ෂා කාලයේදී තවමත් ක්‍රියාත්මක වේ. ජල බක්කියකින් හා අටපට්ටම් පොකුණු වලින් ඉහළ සිට වේගයෙන් එන වතුර කද එක් ස්ථානයකදී පතුරකින් සිර කරයි. පීඩනය නිසා වතුර ඉහලට විහිදේ. කුඩා සිදුරු සහිත කුඩයක් මගින් මෙම වතුර මල් සාදා ඇත. සීගිරි උද්‍යානයේ වැඩි හරියක් ඇත්තේ ජල පොකුණූය. මේ සියල්ල එකිනෙකට සම්බන්ධය. අවසානයේ ජලය දිය අගලට ගලා බසී. මෙම ඉදිකිරීමේ ගණිත ක්‍රම විශ්මිතය. ගිම්හාන පාළිගය මේ පෙදෙසේ ඇත. සීගිරි උද්‍යාන මණ්ඩප ගොඩනැගිලි වටා අගල් 3ක පමණ වතුර පිරවූ කානුවක් ඇත. එය මණ්ඩපයට ඇතුළුවන්නන්ගේ පා දෝවනය සදහාය.
රටපුරා ම යොදුනෙන් යොදුන පළතුරු උයන් ,අඹ උයන් එකළ ඇතිකළ බව සදහන්වේ. එම උද්‍යාන වල වතුර මල් ද තිබී ඇත. ක්‍රීඩා උද්‍යාන ,ජල උද්‍යාන ,දිය මල් උද්‍යාන ,ලතා මණ්ඩපයන් සහිත උද්‍යානද තිබිණු බවට නටඹුන් හමු වී ඇත. රාජකීය විනෝද උයන සොයා ගත්තේ පරණවිතාන මහතාය. ශෛල උද්‍යානයේ ලෙන් බොහෝ ගණනක් පිහිටා තිබේ. පරණවිතාන මහතා දිය අගල් හා උද්‍යාන කැනීම් ආරම්භ කළේ 1940 -1945 අතර කාලයේ ය. සීගිරි උද්‍යාන ලෝකයේ පැරණිම උද්‍යාන වන්නේය. ආසියාවේ පෞරාණික උද්‍යාන සැලසුම් වලින් ඉතා විශෘල වූ මැනවින් ආරක්ෂිත වූ ඒවායෙන් එකකි බසීගිරි උද්‍යානය. කාශ්‍යප රජතුමාගෙන් පසුවද මෙම උද්‍යාන නඩත්තු කර ගෙන ගොස් ඇත. ශෛල උද්‍යාන පෙදෙසේ සොහොන් බිමක් ද තිබූ බවට සාධක සොයා ගෙන ඇත. ජල උද්‍යෘන වල ජල පද්ධතිය නැගෙනහිර සිට බටහිර දෙසට ගලා ගොස් ඇත.
සීගිරි කුරුටු ලිපි
සීගිරි පවුරේ ඇති කුරුටු ලිපි සියල්ල ම පාහේ දැනට උපුටා ගෙන ඇත. ඒ අනුව පරණවිතාන මහතා විසින් කියවන ලද ගී 685කි. එයට අමතරව තවත් ගී 150ක් පමණ කියවා ප්‍රකාශයට පත් කොට ඇත. තවත් ලේඛන 750ක් පමන කියවා ඇත. මුළු වාර්තා ගණන 1500ක් පමණ වේ.
සීගිරි ගල් රූප
සීගිරි චිත්‍ර වල දැක්වෙන රූප නිරූපණය කරන පිලිස්සූ මැටි රූප හා ශෛල උද්‍යාන පෙදෙසෙහි තිබී අලුත් සිතුවම් ද ලැබී ඇත. මේ මැටි රූප කැටපත් පවුරේ ගී ලියූ ආගන්තුනයින් විසින් ගෙනයාම සදහා සකසන ලද සිහිවටන විය හැකිය.
සීගිරි නගරය
සීගිරි නගරය පවුරු බැම්මෙන් පිටත පිහිටා ඇත. නගර නිර්මාණ ශිල්පයේ උච්චතම අවස්ථාවක් ලෙස මෙම නිර්මාණ හැදින්විය හැකිය. සීගිරි නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ග හතරක් දැනට සොයාගෙන ඇත. එම මාර්ගවල නිර්මාණශීලීත්වය ඉතා ඉහළ ය . ඉන් නගරයට ඇතුලු වන දොරටු සතරක් විය. බටහිර දොරටුව පා ගමනින් යාමටත්,උතුරු දොරටුව කරත්ත වලින් යාමටත් හැකිවන සේ විශේෂිත තාක්ෂණික ඥානයන් උපයෝගී කරගෙන තනා ඇත.සීගිරි ගල පාමුල සභා ශාලාද විවිධ රාජකීය ගොඩනැගිලිද තැනිතලා ප්‍රදේශයේ නගරයද පිහිටා ඇත. නගරයේ නටඹුන් මතුකරගෙන ඇත.
සීගිරියේ ඓතිහාසික වැදගත්කම
සීගිරිය ඓතිහාසික නගරයකි. එසේම එය ආරක්ෂිත බලකොටුවක් ලෙසද සැලකේ. මීට අමතරව සීගිරිය විශ්මිත නිර්මාණයකි. මෙහි කැටපත් පවුරක් පිහිටා ඇත. එහි ඇද ඇති චිත්‍ර මෙරට ඉතා ප්‍රසිද්ධ අගනා හා පැරණිම චිත්‍ර වන්නේය. එහි ලියා ඇති කුරුටු ගී අපේ පැරණි පද්‍ය සාහිත්‍යයේ ඉතා වටිනා අංගයකි. ජල තාක්ෂණ රටාව,එහි පිහිටි විවිධ උද්‍යානයන්ද නිසා සීගිරිය ඉතා වටිනා ස්ථානයක් බවට පත්ව ඇත.
දෙස් විදෙස් කාගේත් අවධානයට ලක් වූ ස්ථානයකි සීගිරිය . ලෝක සංස්කෘතික උරුමයන්ගේ නාමාවලියට ද සීගිරිය ඇතුලත් වී ඇත. එසේ ම ලෝකයේ අටවන පුදුමය ලෙසට ද සීගිරිය නම්කොට ඇත. සීගිරියේ වටිනාකම දියුණූ වී ඇත්තේ එහි විශ්මිත නිර්මාණය නිසා ම නොවේ. නිර්මාණාත්මක අතින්ද සීගිරිය ඉතා උසස්ය. එහි ගෘහනිර්මාණ හා නගර නිර්මාණ ශිල්පය ලෝකයේ උසස්ම පැරණි නිර්මාණ අතරට එක් වේ. එයට අමතරව එහි ඇද තිබෙන චිත්‍ර ද,ලියා තිබෙන ගීතිකා ද එහි පිහිටි විවිධ උද්‍යාන ද ඉතා උසස් නිර්මාණයෝය.මේ හේතු නිසාය සීගිරිය ඉතා ම වටිනා වස්තුවක් ලෙස සලකනු ලබන්නේ ,
පැරණි සිංහලයාගේ තාක්ෂණ ඥානයත් ,වාස්තු විද්‍යා ඥානයත් ,කාව්‍ය කුසලතාවයත් ,කලා කෞෂල්‍යයත් ,සෞන්දර්යාත්මක බවත් එකට සම්පීඩනය වී ඇති ස්ථානයකි සීගිරි ය.
සීගිරියේ කැණීම් ප්‍රතිඵල
සීගිරිය පෙදෙසේ ගම් 150කට වැඩි ගණනක් තිබුණ බවට සාධක සොයාගෙන ඇත. එසේ ම ගම්බද වැව් 200කට අධික සංඛ්‍යාවක් තිබූ බවට ද සාධක සොයාගෙන ඇත. බෞද්ධ සංඝාරාම,විශාල ලෙස යකඩ නිෂ් පාදනය කරන ස්ථානයක් හමු වී ඇත. සීගිරි යුගයට පෙරත් පසුත් එම ප්‍රදේශයේ දියුණුවක් පැවතී ඇත. සොහොන් බිමක්,උද්‍යාන නටඹුන්,සෙල් ලිපි,කාසි,මැටි භාජන කැබලි,යකඩ ඇණ,කොකු වර්ග,මාර්ග,මාර්ග දොරටු,වාරි මාර්ග වල නටඹුන් ආදිය මේ ප්‍රදේශයෙන් සොයාගෙන ඇත.

No comments:
Post a Comment